සමෘද්ධි ප්‍රගතිය පිළිබද මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සමෘද්ධි කළමනාකරුවන් අතර සාකච්ඡාවක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2022.04.06 දින සිදු කරන ලදී

විදාතා කඩමණ්ඩි වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-04-05 දින මහරගම මහජන පොල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 5 හා අප්‍රේල් 06 දෙදින තුල පෙ.ව 10.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම වෙළද ප්‍රදර්ශනය තුලින් ආහාර වර්ග, කැවිලි වර්ග, දේශීය ශාකසාර නිෂ්පාදන, පාවහන්, මල් වර්ග පැල වර්ග, විසිතුරු භාණ්ඩ, අත්කම් නිර්මාණ, ඇඳුම් පැළඳුම් අලෙවි කරනු ලැබේ.

සෞභාග්‍යයා සතියට සමගාමීව මහරගම පමුණුව ආශ්‍රිත වසම් වල ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ මගපෙන්වීම යටතේ 2022-03-31 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් සිදු කරන ලදී. මේ සඳහා කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිණිය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සාමාන්‍ය අධිකාරි K.S.P. කළුආරච්චි මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කල්හාරි සිල්වා මහත්මිය, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මුදල් S.W. ලක්ෂ්මන් මහතා හා අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වන ලදී. මෙහිදී විශේෂයෙන්ම අවුරුදු 60 සම්පූර්ණ වූ මවකට විශ්‍රාම වැටුප ප්‍රදානය කිරීමත්, ඔප්පු හිමියන්ට ඔප්පු ප්‍රදානය කිරීමත්, 2017 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ දායකයන් 116 බඳවාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානයට පත්වූ H.M.D.K නිශාමලී ග්‍රාම නිලධාරී මහත්මිය වෙනුවෙන් ඇගයීමක් ද සිදු කරන ලදී.

මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිලූෂි ආරියරත්න මහත්මිය විසින් සම්බන්ධීකරණය සිදු කරන ලද ළමා මානසික සවිබලකරණ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන කලා ප්‍රතිකාර තුලින් ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනය මහරගම දී 2022.04.01 දින   මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලැබූ අතර උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය සහ නර්තන ශිල්පීනි මාලනි ආරියරත්න මහත්මිය ද සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වන ලදී

"හරිත දැයක් ´´ජාතික ගෙවතු වගා සංග්‍රාම වැඩසටහන 2022 ' අපි ගෙවත්තෙන් පටන් ගමු ' මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමාරම්භක වැඩසටහන 2022.03.29 පෙරවරු 9.00   මාලපල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්විය . මෙහිදී ගෙවතු ලාභීන් 150 දෙනෙකුට බීජ පැළ ලබාදීම සිදුවිය . මේ අවස්ථාවට හිටපු පළාත් සභා ඇමති උපාලි කොඩිකාර මහතා , හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය , මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු, බැංකු සමිති කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරු,කොට්ටාව සමුර්දි බැංකු සංගමයේ කළමනාකරු,කෘෂිකර්ම උපදේශක,ගොවිජන සේවා නිලධාරි ,ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,කෘෂි නිලධාරීන්,සංවර්ධනයට ධාරීන් ,නාගරික මන්ත්‍රී ජගත් මහතා ,මාලපල්ල නැගෙනහිර මාලපල්ල බටහිර ,මාකුඹුර උතුර වසම්වල ගෙවතු ලාභීන් සහභාගී විය .

News & Events

Scroll To Top