
47 වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් ක්‍රීඩා සමාජය ක්‍රීඩා උළෙල මහරගම කොට්ඨාස 2022.03.12 දින මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. මේ සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මහරගම ක්‍රීඩා නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තුමා,ජනාධිපති විද්‍යාලය විදුහල්පති තුමා, සියලුම ක්‍රීඩා සමිති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.























