
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රීය කමිටු සංකල්පය යටතේ,පෝෂණ ඌනතාවයෙන් පෙලෙන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ අරමුණින් මහරගම බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ මූලිකත්වයෙන් දියත් කළ " පාසල් දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම" වැඩසටහනේ එක් වැඩසටහනක් 2022.10.19 දින පවත්වන ලදි.
මෙම වැඩසටහන මහ දිසාපති/ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. වැඩසටහන සම්බන්ධීකරණය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ළමා හිමිකම් හා ප්‍රවර්ධන නිලධාරි මහත්මිය හා පමුණුව වසමේ ග්‍රාම නිලධාරී මහින්ද මහතා විසින් සිදුකරන ලදි.
අද දින පෝෂණ වැඩසටහන සදහා මූල්‍යමය දායකත්වය ගෝල්ඩන් ෆ්ලයි අධිපති අතුල මහතා විසින් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට මහරගම බටහිර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා,පතිරගොඩ ග්‍රාමනිලධාරි සුධීර වීරසිරි මහතා,මහරගම නැගෙනහිර සංවර්ධන නිලධාරි චතුර සමරනායක මහතා,මහරගම බටහිර සංවර්ධන නිලධාරිනී සුජීවා ලියනපතිරන මහත්මිය සහභාගි වන ලදි.
තවත් කියවන්න: “පාසල් දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම" වැඩසටහන

"සිනහ දකින අපේ ලොවක්"
තේමා කරගත් ලෝක ළමා දින වැඩසටහන
කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-10-03 දින පැවැත්විණි .
CBLසමපෝෂ අනුග්‍රහයෙනි.
සම්පත් දායකත්වය මධුමි සහ රනිල් සංවිධානය මුල්ළමාවිය සංවර්ධන නිලධාරි ,නිලූෂනී ආරියරත්න
තවත් කියවන්න: "සිනහ දකින අපේ ලොවක්" තේමා කරගත් ලෝක ළමා දින වැඩසටහන

දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීම පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන
...............................................
අරමුණ - උක්ත කරුණට අදාලව ස්වදේශ කටයුතු චක්‍රලේඛ 09/2022 හා 2022.09.08 වන දින දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් පවත්වන ලද සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් පිළිබඳ දැනුවත් කිරීම හා ක්‍රියාත්මක කිරීම
දිනය - 2022.09.12
ස්ථානය - ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරය
ප්‍රධානත්වය - මහරගම ප්‍රාදේශීය ලේකම්
සහභාගිත්වය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්),සංවර්ධන නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා අනිකුත් ක්ෂේත්‍ර නිලධාරීන්.

මහරගම ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 'ගැමි ගීයෙන්,සරල ගීයට' තේමාව යටතේ හරවත් දේශනය ,ප්‍රණාම අභිෂේක සම්මාන පදානය සහිතව කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-09-28 දින පැවැත්විණි

2022/09/07 සහ 2022/09/08 යන දෙදින තුල මාකුඹුර උතුර සහ මාකුඹුර දකුණ වසම් වල කුඩා ව්‍යාපාරයන්හි නිරත වන තෝරාගත් ව්‍යවසායකයින් විසිදෙනෙකු සදහා වැඩමුළුවක් මාකුඹුර එක්සත් අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිති ශාලාවේදී පැවැත්විණි .මෙම වැඩසටහන සම්බන්ධීකරණයෙන් සහයෝගය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කළණි මහත්මිය විසින් ලබා දෙන ලදී.
දින දෙකක් පුරා පැවැත් වූ වැඩමුළුව සදහා කුඩා ව්‍යාපාර කොළඹ දිස්ත්‍රික් කාර්යායේ සහකාර අධ්‍යක්ෂ දමිතා නාරසිංහ මහත්මිය,වෙළෙඳ අංශයේ නිලධාරීන් වන ප්‍රදීපා ජයසේකර සහ නිරෝෂා නානායක්කාර යන මහත්මීන් විසින් ලබා දෙන ලදී.වැඩසටහන මෙහෙය වීම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මහරගම සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගිනි .
තවත් කියවන්න: කුඩා ව්‍යාපාරයන්හි නිරත වන තෝරාගත් ව්‍යවසායකයින් සදහා වැඩමුළුවක්
















