කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2019 ජනවාරි 19 වන දින සංවිධානය කල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගාවලියේ කාන්තා ශූරතාවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දිනාගන්නා ලදී.
තවත් කියවන්න: ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගාවලිය 2019
2019.01.16 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී තෛපොංගල් දිනය සැමරුම හා සංහිදියාව වෙනුවෙන් විවිධ අංග වලින් සමන්විත ප්‍රසංගයක් එම කාර්යාලයේ නිලධාරීන් විසින් පවත්වන ලදී.
ප්‍රවීන කලාකරු රෝහණ වීරසිංහ මහතාගේ සුවදුක් බැලීම සදහා ප්‍රාදේශීය ලේකම් තුමිය ,ගණකාධිකාරී තුමිය, සහකාර අධ්‍යක්ෂක සැලසුම් හා සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිස 2019 ජනවාරි 7 වන දින මහරගම පිහිටි ඔහුගේ නිවසට ගොස් ගෞරව පුද කරන ලදී.
තවත් කියවන්න: ප්‍රවීණ කලාකරු රෝහණ වීරසිංහ මහතාට ගෞරව පුදකිරීම
ජනාධිපති කාර්යසාධන බලකාය විසින් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ කටයුතු සදහා අනුයුක්ත කර ඇති නිශාන් නිමන්ත ගුණරත්න මහතා විසින් සංවර්ධන නිලධාරීන්ට මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු වල කාර්යයන් පිළිබද දැනුවත් කිරීමක් 2019 ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්‌ෂ සැලසුම් ඒ.ඩි.ඊ. විජේගුණවර්ධන මහත්මියගේ සංවිධානයෙන් පවත්වන ලදී.
තවත් කියවන්න: ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු වල කාර්යයන් පිළිබද සංවර්ධන නිලධාරී දැනුවත් කිරීම
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මහරගම වෘත්තීය පුහුණු ආයතනයේදී එම සිසුන් සදහා 2019 ජනවාරි 3 වන දින පවත්වන ලදී.
තවත් කියවන්න: මහරගම වෘත්තීය පුහුණු ආයතනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්





















