දිවයිනේ වෙනත් දිස්ත්‍රික්ක වලට අයත් උප්පැන්න,විවාහ,මරණ සහතික වල උදෘත පිටපත් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019/04/11 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල රෙජිස්ට්‍රාර් අංශයේදී සිදුකරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සුභසාධක සංගමය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අවුරුදු උත්සවය 2019 අප්‍රේල් 7වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහේ දිවුරුම“ වැඩසටහන සදහා ප්‍රතිඤාව​ ලබා දිම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් 2019 අප්‍රේල් 3 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.

ග්‍රාම ශක්ති ජනතා සමිතියේ ධාරිතා සංවර්ධන වැඩසටහන යටතේ ඇගලුම් නිෂ්පාදන පිළිබද පුහුණුව ලැබූ ප්‍රථම පුහුණුලාභීන් හට සහතික පත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයම්පෝරුව විහාරස්ථානයේ 2019 අප්‍රේල් 05 වන දින 524 මාදිවෙල වසමේදී සිදුකරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් බෝධි පුජා වැඩසටහනක් 2019 මාර්තු 26 වන දින සිරිවජිරඤාන ධර්මායතනයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top