ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු රැස්වීම 2019 පෙබරවාරි 27 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබද ජාතික සමීක්ෂණය සදහා ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

2019 පෙබරවාරි 23 වන දින 527A පතිරගොඩ වසමේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් වන සුපුන් උදාන (මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී ), ලලිත් වන්නිආරච්චි (උපදේශන නිලධාරී) , ජි.ඒ.එස් .ගොවින්න (පුනුරුත්තාපන නිලධාරී ) හා ජනාධිපති කාර්යයසාධන බලකාය මගින් මත්ද්‍රවය නිවාරණය සම්බන්ධව කටයුතු කරන නිලධාරී නිශාන් නිමන්ත ගුණරත්න මහතාගේ සහයද ඇතිව පවත්වන ලදී. පතිරගොඩ වසමේ සංවර්ධන නිලධාරී ,ග්‍රාම නිලධාරී හා සමෘද්ධි නිලධාරී මගින් මෙය සම්බන්ධීකරණය කරන ලදී.

ඩිමෙන්ෂියාව පිළිබද කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019/02/13 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top