2019 ජනවාරි 1වන දින රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිඥාව ලබා දීමෙන් පසු පිරිත් සාජ්ජායනාවකින් අනතුරුව සංග්‍රහයක් පවත්වා ප්‍රාදේශීය ලේකම් තුමියගේ අවුරුදු සුභ පැතුමෙන් පසු නව වසරේ වැඩ අරඹන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි කලමනාකරණ අධ්‍යක්ෂක එස්.වී.බණ්ඩාර මහතාගේ සමුගැනීමේ උත්සවය 2018 දෙසැම්බර් මස 28වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හට අග්‍රහාර රක්ෂණ ක්‍රමය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් 19 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වත්වන ලදී.

මාදිවෙල,ප්‍රගතිපුර හා මිරිහාන උතුර යන ප්‍රජාපාලිත ගම්මාන වලට අයත් වසම් වල ග්‍රාම ශක්ති වැඩසටහනේ ආරම්භක උත්සවයක් 2018 දෙසැම්බර් 20 වන දින එම වසම් වල පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂය සංවර්ධනය උදෙසා රංග චිකිත්සාව හා උපදේශන වැඩසටහනක් 2018 දෙසැම්බර් 12 වන දින සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී

News & Events

Scroll To Top