මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.04.18 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.

මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහරගම නගර කලාපයේ 527A පතිරගොඩ සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සමෘද්ධි මිහිරි කැකුළු ළමා සමාජයේ" අවුරුදු සිරිත් "පිළිබඳව පැවැත්වූ වැඩසටහන

2024.04.09 මෙම අවස්ථාවේ ආගමික වතාවත් සිදුකරන ලද්දේ නාලන්දාරාම විහාරස්ථානයේ නාරද ස්වාමීන් වහන්සේ විසිනි.

එම අවස්ථාවට මහරගම බැංකු සමිති කළමනාකරු රමණි පෙරේරා මහත්මිය, මහරගම නගර සමෘද්ධි කළමනාකරු රංජිකා වයලට් මෙනවිය,ග්‍රාම නිලධාරී සුදීර මහතා,ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති නියෝජිතවරුන් හා ප්‍රජා මූල සංවිධානයේ සාමාජික පිරිස සහභාගී වන ලදී.

අවුරුදු උදාව පුණ්‍ය කාලයේ ආරම්භ වීමේ සිට සියලු අවුරුදු චාරිත්‍ර ඇතුළු කොට දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා විවිධ නර්තනාංග ඉදිරිපත් කරන ලදී.

මෙහි දැනුවත් කිරීමේ කටයුතු සහ නිවේදන කටයුතු සඳුනි දියණිය විසින් සපයන ලදී(දැනට දෙරණ නාලිකාවේ නවක නිවේදිකාවක් වන)

මෙම සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රමදායකත්වය ආදරණීය තාත්තලා විසින් සිදු කරනු ලැබීය

කොට්ටාව දකුණ ළමා සමාජයේ  දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන කොට්ටාව දකුණ සංවර්ධන නිලධාරි තුමිය විසින් මේ සංවිධානය කරන ලදී. 2024.3.18 පවත්වන ලදී

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව 532 ගොඩිගමුව උතුර වසමේ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් සදහා සමාජ මාධ්‍ය හරහා තම නිෂ්පාදන අලෙවි කීරීම පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහනක් ව්‍යාපාර උපදේශිකා නර්මදා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2024/03/21 දින ග්‍රාමනිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී .සම්බන්ධීකරණය ග්‍රාම නිලධාරී ,ආර්ථික සංවර්ධන නිලධාරී

2024-03-02 දින මහරගම නැගෙනහිර ග්‍රාම සං. ස. නිලවරණ රැස්වීම, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ දේශණය - (ආයුර්වේද වෛද්‍ය නිරෝෂා මාතරගේ මැතිණිය), මානසික රෝග වලක්වාගැනීම පිළිබඳ දේශණය - ( ශ්‍රී ජයවර්ධන ප්‍රා.ලේ. කාර්යාලයේ උපදේශණ නිලධාරී ලලිත් වන්නිආරච්චි මයා) - පමුණුව සුබසාධක සමිති ශාලාව

මෙම අවස්ථාවට සිරිමංගලාරාම විහාරාධිකාරී ගරු මාතලේ සුමනජෝති හිමියන්, පවුල් සෞඛ්‍ය නිලධාරී, ආර්ථික සං. නිලධාරී, ග්‍රාම නිලධාරී, ග්‍රාම සං. සමිති ප්‍රධාන නිලධාරීන් ඇතුළු සාමාජිකත්වය, පිපෙන කැකුළු ළමා සමාජයේ දුවාදරුවන් රැසක් ද සහභාගී වින.

News & Events

Scroll To Top