
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.06.05 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024-06-05

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024/05/24 දින මිරිහාන ව්වේකාරාම විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ 60 නමකින් යුත් පිණ්ඩපාත චාරිකාවක් පවත්වන ලදී. මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය හා දායකත්වයද ලබා දෙන ලදී.

24/05/08 දින පෙර පාසල් ගුරුවරුන් සදහා පවත්වන විශේෂ සය මාසික උපදේශන පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී .මේ සදහා සම්පත් දායකත්වය සැපයූ කථිකාචාර්ය නිමල්සිරි රණසිංහ මහතා ,චන්ද්‍රා ඇතුලත්මුදලි මහතා ,උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මිය මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකරණ නිලධාරී නයනා අතුකෝරල මිය හා ආරාධිත අමුත්තන් ඇතුලු පිරිසක් සහභාගි විය.මේ සදහා මහරගම /හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පෙර පාසල් ගුරුවරුන් 23 දෙනෙක් සම්බන්ධ විය .මේ සදහා සම්බන්ධීකරණය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිලුශනී ආරියරත්න මිය විසින් සපයන ලදී
.

කාර්‍යාලීය නිලධාරීන් සදහා වෙසක් පොහොය නිමිතිකොට ගෙන වෙසක් බැති ගීතාවලිය ,ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත 2024-05-22 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. සම්බන්ධීකරණය කරනු ලැබුවේ සංස්කෘතික නිලධාරී ප්‍රසානි ජයසේකර මහත්මිය විසිනි.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ වසන්තය වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කේ.ජි විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ අනුදැනුම යටතේ 2024-04-28 දින මහරගම ධර්මාශෝක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසිනි.
















