පතිරගොඩ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන සිසුවියන්ගේ පුහුණු අවසාන ප්‍රදර්ශණය 2023-11-30 දින නාලන්දාරාම විහාරයේ දී පැවැත්වින.

......... ගරු නාලන්දාරාම විහාරාධිපති හිමි, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමිය, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂතුමිය, වසම්භාර සං. නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘධි සං. නිලධාරී, ජේෂ්ඨ මැහුම් උපදේශිකාවන්, ස්ථාන භාර මැහුම් උපදේශිකාව, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, රත්මලාන කාන්තා පුහුණු උපදේශකතුමිය, පතිරගොඩ ග්‍රාම සං. සමිති නිලධාරීන් ඇතුළු සාමාජිකයන්, ස්වෙච්ඡා සංවිධාන රැසක නිලධාරීන්, පුහුණුලාභීන් මෙම අවස්ථාවට සහභාගී වින..

මෙහයවීම - බ. පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව.

අධීක්ෂණය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය..

සහයෝගීතාව - පතිරගොඩ ග්‍රාම සං. සමීතිය

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.11.29 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.

මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.

ජංගම සේවා වැඩසටහනක් ප්‍රගතිපුර, මිරිහාන දකුණ, කොට්ටාව දකුණ, කොට්ටාව නගරය, දෙපානම යන වසම් වල ප්‍රතිලාභීන් සඳහා 2023-11-10 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී. මෙහිදී උප්පැන්න, හැදුනුම්පත් ලබාගැනීම සම්බන්ධ සේවා රැසක් ප්‍රතිලාභීන්ට සපයන ලදී.

කොට්ටාව නගරය ග්‍රා .නි. වර්ණසිරි මල්ලවාරච්චි මහතාගේ සංවිධානයෙන් වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ සහ වෛද්‍ය සායනය විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයට සමගාමීව 2023/11/24දින කොට්ටාව ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ( බ.ප. ) මෙහෙයවීම මත පවත්වාගෙන යනුලබන බස්නාහිර පලාතේ සියලුම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානවල  අත්කම් සහ නිර්මාණ දැක්ම "  විස්කම් ප්‍රභා " ප්‍රදර්ශණයේ

*කොළඹ දිස්ත්‍රික් - සූප ශාස්ත්‍ර අංශය

තෙවන ස්ථානය

*කොළඹ දිස්ත්‍රික්  patchwork අංශය

විශේෂ කුසලතා පළමු  ස්ථානය

 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පතිරගොඩ ග්‍රාම සංවර්ධන සමීතියේ සහයෝගීතාව මත පවත්වාගෙන යන කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ සිසුවියන් විසින් හිමිකරගෙන ඇත.

News & Events

Scroll To Top