
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා නගර සභාව එක්ව රාජ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ එක්දින ජංගම සේවාවක් රුක්මලේ නැගෙනහිර A , රුක්මලේ නැගෙනහිර B , රුක්මලේ බටහිර වසම, මාලපල්ල නැගෙනහිර වසම, මාලපල්ල බටහිර වසමේ පදිංචි ජනතාව වෙනුවෙන්ග රු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හා කොළඹ දිසාපති /දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024-02-17 වන සෙනසුරාදා රුක්මල්ගම ප්‍රජා ශාලාවේදී සිදු කරන ලදී.
තවත් කියවන්න: රාජ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ එක්දින ජංගම සේවාවක්

ජාතික නිදහස් දිනයට සමගාමීව 2024.02.07 දින මහරගම විපශ්‍යාරාම විහාරස්ථානයේ දී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “අටවිසි බුද්ධ පූජා පිංකමක්” පවත්වන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්යාලයේ නිලධාරීන් සහභාගි වන ලදී.

මාකුබුර උතුර වසමේ , රන්විමන නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද පී . ඒ . අශෝකා රම්‍යලතා මහත්මියගේ නිවස ප්‍රාදේශීය ලේඛම් දිල්රුක්ෂි වල්පොල වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2024.01.30 වන දින පෙ.ව.10.41 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කරන ලදී

2024/02/01 දින විදේශ ගත වීමට අපේක්ෂිත කාන්තාවන් සදහා මනුසවි විශ්‍රාම වැටුප පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී . ඒ සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සමාජාරක්ෂන නිලධාරි ඉසුරි පෙරේරා මෙය සම්පත් දායකත්වය සපයන ලදි . එදින විගමනික ශ්‍රමිකයකු සදහා මනුසවි විශ්‍රාම වැටුපට හිමි ඔප්පු ප්‍රදානය මහරගම ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සිදුකරන ලදී .

2024.01.24 වන දින තෛපොංගල් වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී
















