මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම් ධූරයේ හිමාලි කරුණාරත්න මහත්මිය 2025.03.17 දින වැඩ භාරගනු ලැබීය.

ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව

එදිනම ප්‍රාදේශිය ලේකම්තුමිය කාර්ය්‍ය මණ්ඩලය ඇමතීම හා ස්ථානමාරු ලැබු පරිපාලන නිලධාරි කැළුම් බණ්ඩාර මහතාගේ සමුදීමේ උත්සවයට ද සහභාගී වන ලදී.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මැතිතුමා , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-03-04 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.

පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන මහරගම අයත් පුරන් කුඹුරු අස්වැද්දීමේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන 2025-02-15 දින 1/9/12 පන්නිපිටියේ කෘපනිස කොට්ඨාස යේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිනිය, කොළඹ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පසිඳු වික්‍රමරත්න මහතා සහ සියලු රාජ්‍ය නිලධාරීන්,ගොවි සංවිධාන වල සහභාගි වන ලදී. මහරගම පුා ගොවිජන සේවා නිලධාරි චමිලා මිය විසින් සංවිධාන කරන ලදි

රිදී රඟ සොබා 2025 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් 2025-02-28 දින මහරගම ජනාධිපති විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

 

 

 

 

 

 

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මැතිතුමා , ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-02-11 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.

News & Events

Scroll To Top