
පතිරගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය සහ ප්‍රජා පොලිස් කමිටුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව නාලන්දාරාම ගරු විහාරාධිපති ස්වාමීන්සේගේ අනුශාසනා සහ උපදෙස්ද මත සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහන 2024-08-24

2024.08.15 දින දේශීය ඖෂධ ආහාර පුහුණු වැඩසටහන
කොට්ටාව බටහිර වසමේ
බෝගහවත්ත සුබ සාධක සමිති ශාලාවේදී පවත්වන ලදී .

පළාත් සභා ප්‍රතිපාදන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වූ ආහාර සුරක්ෂිතව පිළිබඳ පුහුණු වැඩසටහන ජූලි 07 දින ලියනගොඩ ධර්මරාජ විහාරස්ථ ශාලාවේදී පැවැත්විනි .....
ලියනගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකත්වය( ගරු සභාපතිනියගේ සම්බන්ධීකරණයයෙන්) සදහා මඤ්ඤොක්කා කොත්තු, වඩේ , කුරක්කන් කේක්, කැඳ පානයක් සකසන අන්දම ප්‍රායෝගිකව පුහුණු කෙරින....
ආයුර්වේද වෛද්‍ය මාතරගේ මිය විසින් පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම් කල අතර ,වැඩසටහන සම්බන්ධීකරණය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (දේශිය වෛද්‍ය ) දමයන්ති මිය විසින් සහ ග්‍රාම සංවර්ධන නිලධාරි කීර්ති මහතා සිදුකරන ලදී.

2024/07/20 වන දින දෙහිවල community concern ආයතනය මගින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ ගැටලු සහිත කාන්තාවන් සදහා විශේෂ උපදේශන පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී .මෙහි සම්පත් දායකත්වය උපදේශන නිලධාරී නිමල්සිරි රණසිංහ මහතා හා උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මිය විසින් සපයන ලදී .

පොසොන් පොහොය නිමිතිකොගෙන 2024/06/19 දින පොසොන් ශීල සමාදාන වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී
















