
කොට්ටාව දකුණ ධම්මකිත්තිකාරාම විහාර පරිශ්‍රය පිරිසිදු කිරීම, කුලසෙවන පාර නියර දෙපස පිරිසුදු කිරීම, පන්සලේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි සකසාදීම සිදුකෙරින.මේ ග්‍රාම සංවර්ධන නිලධාරී කීර්ති මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදී

වත්තෙගෙදර වසමේ 2025- 1-31 දින පැවැත්වූ clean Sri Lanka වැඩසටහන යටතේ වත්තේගෙදර වැව සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීම සිදුවිය. ඒ සඳහා මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දේවානන්ද සුරවීර මැතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂක තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ හා දේශපාලන නියෝජිතයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මැතිතුමා , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-01-03 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මහරගම ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ නිලවරණය 2025-01-20 වනදින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

නව වසරේ සමාරම්භක කටයුතු "Clean Sri lanka" ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල රාජකාරී කටයුතු ඇරඹීම මහරගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2025/01/01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී.මෙහිදී ගෞරවනීය සංඝරත්නයෙන් පිරිත් සජ්ඣායනාවක් සහ කාර්යාලියේ නිලධාරින් විසින් අවුරුදු කෑම මේසයක් ද පිළියෙල කර ලබාදෙන ලදී.
















