මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිහින්තලා අනුරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සුරතින් 2020-05-03 දින විවෘත කරන ලදී . මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් එය ඉතා අලංකාරව සහ ආගමික ප්‍රබෝධය දනවන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්

කොවිඩ් 19 ව්‍යසනකාරී තත්ත්වය යටතේ දැඩි කැපවීමකින් නිසි පරිදි තම රාජකාරියට ප්‍රමුඛතාව ලබා දෙමින් ජනතා සේවයේ යෙදුණු මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇඟයීමේ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2020-05-03 දින පැවැත්වුණා.
වැඩසටහන සංවිධානය කෙරුණේ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ උපදේශකත්වය සහ අධික්ෂණය යටතේයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා මෙහි අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වුණා.

කොරෝනා වසංගතය නිසා අඩු ආදායම් තත්වය අහිමි වූ ජනතාව වෙත රු 5000 දීමනාව ලබාදීම සමෘද්ධි බැංකු සංගම් එක්ව වසම් මට්ටමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල මැයි 30 වනදා සිට ක්‍රියාත්මක කිරීම

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "කොවිඩ්19" ව්‍යසනය හේතුවෙන් පිඩාවට පත් ජනතාව සදහා සක්‍රියව සේවයේ නිරතවු ග්‍රාම නිළධාරින් ඇගයීම,සමාජ සත්කාරයන් හිදී ආරක්ෂාවට අත්ආවරණ, මුඛආවරණ, විෂබීජ නාශක දියර බෝතල් බෙදාදීම සහ සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ගණකාධිකාරිතුමිය,සැලසුම් අධ්‍යක්ෂකතුමිය,පරිපාලන ග්‍රාම නිලධාරිතුමියගේ සහභාගිත්වයෙන් රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2020-05-15 දින පැවැත්විණි.

News & Events

Scroll To Top