2020-06-17 දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ මුලිකත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව සක්‍රිය කිරීම

කලල්ගොඩ වසමේ ඩෙංගු වැඩසටහන හා කසල පොල 2020/06/12හා2020/06/13 දිනයන්හිදි සාර්ථකව පැවැත්වීමට හැකිවිය.මහරගම ප්‍රා/ලේ කාර්‍යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී,පරිපාලන නිලධාරී,ගණකාධිකාරි,සැලසුම් අධ්‍යක්ෂ ඇතුළු කාර්යාලයේ නිලධාරීන් ,.මහජන සෞඛ්‍ය නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් ,පොලිස් නිලධාරීන් ,සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ඇතුලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වියී

ඩෙංගු මර්ධන වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහරගම ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහරගම නගර සභාව ,මහරගම පොලීසිය,යුධ හමුදාවේ සහභාගිත්වයෙන් 2020-06-11 දින දෙපානම වසම තුල පවත්වන ලදී.

ජුනි 5 දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනයට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මහරගම ජනාධිපති විදුහල අසල පැල දන්සලක් පවත්වන ලදී. ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ), ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි හා කෘ.ප.නි.ස. නිලධාරින් ,කෘෂි කර්ම උපදේශක ,සංවර්ධන නිලධාරීන් සහභාගි විය.

News & Events

Scroll To Top