මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “COVID 19” ව්‍යවසනය හේතුවෙන් පිඩාවට පත් ජනතාව හට සහන සැලසීමේ කටයුතු සමෘද්ධි නිලධාරීන් විසින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිළිබදව විමසා බැලීමටත් එම කටයුතු වැඩිදුර සාර්ථකව සිදුකර ගැනීම සදහා උපදෙස් ලබාදීමත් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් ,සහකාර ප්‍රාදේශීය ලේකම් සමෘද්ධි මූලස්ථාන කලමනාකරුවන්ද, කලාප කළමනාකරුවන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් 2020-05-10 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.





















