මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොට්ටාව දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය, ප්‍රජා පොලිස් කමිටුව හා අනිකුත් ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් ජංගම සේවා වැඩසටහනක් 2020 පෙබරවාරි 23 වන දින කොට්ටාව ධම්මකිත්තාරාමයේදී පවත්වන ලදී.

සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ සබදතා ,නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු අමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 17 වන දින පවත්වන ලදී

ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් පැල රෝපණය කිරීමේ වැඩසටහන් 2020 පෙබරවාරි 3, 4 යන දින වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා වසම් වල සිදුකරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්තේගෙදර හා උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් වල දිරිය පියස නිවාස ජනතා අයිතියට පත්කිරීමේ උත්සව 2020 පෙබරවාරි 13 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

තෛපොංගල් වෙනුවෙන් වැඩසටහනක් සංවර්ධන නිලධාරීන්  විසින් 2020 පෙබරවාරි 3 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top