වත්මන් පවතින තත්වය යටතේ ආරක්ෂාව උදෙසා මහරගම ප්‍රාලේ කොට්ඨාසයේ සංවර්ධන නිළධාරින් සදහා ආරක්ෂිත අත්ආවරණ ,මුඛආවරණ ,විෂබීජ නාශක දියර බෝතල් ලබා දීම සහ "COVID19 ජනදිවි සහන මෙහෙයුමට"අඛණ්ඩව දායකවු සංවර්ධන නිළධාරින් පැසසුමට ලක් කිරීම,ඉදිරි සේවා කටයුතු දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් තුමිය ගේ මෙහෙයවීමෙන්,සැලසුම් අධ්‍යක්ෂ තුමියගේ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ගේ,ගණකාධිකාරිතුමිය ගේ, සහභාගීත්වයෙන් 2020-05-15 දින රැස්වීමක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “COVID 19” ව්‍යවසනය හේතුවෙන් පිඩාවට පත් ජනතාව හට සහන සැලසීමේ කටයුතු සමෘද්ධි නිලධාරීන් විසින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිළිබදව විමසා බැලීමටත් එම කටයුතු වැඩිදුර සාර්ථකව සිදුකර ගැනීම සදහා උපදෙස් ලබාදීමත් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් ,සහකාර ප්‍රාදේශීය ලේකම් සමෘද්ධි මූලස්ථාන කලමනාකරුවන්ද, කලාප කළමනාකරුවන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් 2020-05-10 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2020-05-09 දින දිස්ත්‍රික් ලේකම් තුමා හා ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් COVID-19 පිඩාවට පත් පවුල් සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අඩු ආදායම්ලාභීන්ට සහන දීම
තවත් කියවන්න: COVID-19 පිඩාවට පත් පවුල් සදහා අඩු ආදායම්ලාභීන්ට සහන දීම
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ Covid 19 වසංගතය සම්බන්ධව වෙළද ප්‍රජාව දැනුවත් කිරීමේ රැස්වීමක් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් හා මාණ්ඩලික නිලධරීන් ගේ සහභාගිත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2020-05-08 දින පවත්වන ලදී.
තවත් කියවන්න: Covid 19 වසංගතය සම්බන්ධව වෙළද ප්‍රජාව දැනුවත් කිරීමේ රැස්වීම
2020-05-01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහරගම පොලිස්ථානයේ මෙහෙයවීමෙන් COVID-19 පීඩාවට පත් නේවාසිකයන්ට ලබා දෙන වියලි ආහාර මලු අත්‍යවශ්‍ය සේවා හා පුජා සත්කාර ඒකකයේ නිලධාරීන් විසින් සැකසීම
තවත් කියවන්න: වියලි ආහාර මලු අත්‍යවශ්‍ය සේවා හා පුජා සත්කාර ඒකකයේ නිලධාරීන් විසින් සැකසීම





















