මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 8 වන දින ප.ව 4.30 සිට ප.ව 7.15 දක්වා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මෙහිදී ගම සමග පිළිසදර වැඩසටහනේ වසම් වලින් ඉදිරිපත් වූ සංවර්ධන යෝජනා සම්මත කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ උපදෙස් පරිදි බහුකාර්ය සංවර්ධන සහායකයින් තෝරා පත්කර ගැනීමට පැවති දෙවන අදියරෙහි සම්මුඛ පරික්ෂණය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා නිලධාරි වසන්ත රත්නායක මහතා විසින් වන අතර මේ සඳහා කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී විය.

ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 532B ගොඩිගමුව දකුණ වසමේ නිලන්ති මහත්මියගේ නිවස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ  මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී. එම නිවස හිමිකරුට බාර දීමේ උත්සවය 2020 නොවෙම්බර් මස 26 වන දින ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සදහා පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු වසමේ සමිතිවල ප්‍රජා නායකයින්ද මෙයට සහභාගිවන ලදී.

මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියලුම කාර්ය මණ්ඩලය, එක් ප්‍රතිඥාවක් පෙරදැරිව 2021 ජනවාරි 1වන දින රාජකාරි ආරම්භ කළ අවස්ථාව.

ප්‍රාදේශීය කොරෝනා මර්ධන කමිටුව විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020-11-02 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top