මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ උපදෙස් පරිදි බහුකාර්ය සංවර්ධන සහායකයින් තෝරා පත්කර ගැනීමට පැවති දෙවන අදියරෙහි සම්මුඛ පරික්ෂණය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා නිලධාරි වසන්ත රත්නායක මහතා විසින් වන අතර මේ සඳහා කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී විය.






















