ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 532B ගොඩිගමුව දකුණ වසමේ නිලන්ති මහත්මියගේ නිවස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී. එම නිවස හිමිකරුට බාර දීමේ උත්සවය 2020 නොවෙම්බර් මස 26 වන දින ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සදහා පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු වසමේ සමිතිවල ප්‍රජා නායකයින්ද මෙයට සහභාගිවන ලදී.























