
"ගුරු අභිමානී" පෙරපාසල් ගුරුවරියන් සදහා මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2021-සමාරම්භක අවස්ථාව ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021.08.02 දින සිදු කරන ලදී. මේ සඳහා අනිකුත් මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූ අතර මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරි දිලේකා අබේනායක මෙනවිය විසින් මෙය සංවිධානය කරන ලදී.
තවත් කියවන්න: "ගුරු අභිමානී" පෙරපාසල් ගුරුවරියන් සදහා මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2021

එක් ගමකට එක් ව්‍යවසායකයෙක් ජාතික වැඩසටහනේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය 2021. 07.31 දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ඒ සදහා මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිනිය ද , අධ්‍යක්ෂ සැලසුම් ක්‍රම සම්පාදන සේනක සිල්වා මහතා , මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වන ලදී. මෙහි සංවිධානය හා මෙහෙයවීම විදාතා මධ්‍යස්ථානය සිදු කල අතර අධීක්ෂණය හා මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලදී.

ක්‍රීඩාව ශරීර සෞඛ්‍ය පවත්වා ගෙන යාමට ඉවහල් වේ යන තේමාව යටතේ ජාතික ක්‍රීඩා දිනය සැමරීම වෙනුවෙන් ශරිර යෝග්‍යතා අභ්‍යාසයක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලය සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල තුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා නිලධාරී එම් බී සූරියබණ්ඩාර මහතාගේ සම්පත් දායකත්වයෙන් 2021-07-30 දින සිදු කරන ලදී.
.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2021 වර්ෂයේ නව ජාතික පාසල් බවට පත්වූ මහරගම ජනාධිපති විද්‍යාලය හා විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සියලුම විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍යයන් සමඟ ජාතික පාසල් දෙකේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු සභා නායක මහරගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2021-07-30 දින පැවැත්විණි. ඒ සදහා මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිනිය ද, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ මහරගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ද සහභාගී වෙන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2021 වර්ෂයේ නව ජාතික පාසල් පිළිබද සාකච්චාව

මා තෘප්තිමත් රාජ්‍ය නිලධාරියෙකි යන මාතෘකාව යටතේ උපදේශන වැඩසටහනක් නවක පුහුණු ගණකාධිකාරි නිලධාරීන් සඳහා 2021-07-28 දින මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
තවත් කියවන්න: නවක පුහුණු ගණකාධිකාරි නිලධාරීන් සඳහා උපදේශන වැඩසටහන
















