
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2021 වර්ෂයේ නව ජාතික පාසල් බවට පත්වූ මහරගම ජනාධිපති විද්‍යාලය හා විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සියලුම විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍යයන් සමඟ ජාතික පාසල් දෙකේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු සභා නායක මහරගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2021-07-30 දින පැවැත්විණි. ඒ සදහා මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිනිය ද, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ මහරගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ද සහභාගී වෙන ලදී.




















