අභියෝගාත්මක තාරුණය ජයගැනීමට අවශ්‍ය මානසික ශක්තීන් හදුනා ගනිමින් නිවැරදි ඉලක්ක කරා තරුණ ප්‍රජාව යොමු කිරීමේ අභිලාෂයෙන් ලියනගොඩ සුහද ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කරන අභිප්‍රේරණ වැඩසටහන ජුලි මස 24 වන සෙනසුරාදා දින පස්වරු 6.00. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලදී. සංවිධානය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ක්‍රීඩා නිලධාරි එස්.බී බුද්ධික මහතා, සම්පත් දායකත්වය- මනෝ උපදේශන නිළධාරි නේත්‍රා මාලගොඩ මහත්මිය, සහකාර උපදේශන නිලධාරීනී කල්හාරි රාජපක්ෂ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය..

ඇසළ පුන් පොහෝ දිනයට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දුවා දරුවන් වෙනුවෙන් සැකසුණු බෝසත් දරුවෙකු මා - අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. කේ. ජයසුන්දර මැතිනියගේ උපදෙස් හා මඟපෙන්වීම් යටතේ zoom තාක්ෂණය ඔස්සේ 2021-07-22 දින පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ අතිපූජ්‍ය මහගම සුනීත නා හිමි හා මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ   මහත්මිය විසිනි.

දොරින් දොරට කප්රුක වැඩසටහනට සමගාමීව මහරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව වෙනුවෙන් වසමෙහි ප්‍රතිලාභීන් හට පොල් පැළ ලබා දීම මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021/07/17 දින ග්‍රාම නිලධාරීතුමියගේ සහ කෘෂි නිලධාරී නාලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ "දොරින් දොරට කප්රුක" 2021 ගෙවතු වගා වැඩසටහනේ පොලි බෑග් පොල් පැල ලබාදීම වැඩසටහන..මාකුඹුර දකුණ ග්‍රාමසේවා වසම තුල පැවැත්වීම ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ උපාලි කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,කොට්ඨාශයේ නාගරික මන්ත්‍රීනි සාවිත්‍රි ගුණසේකර මහත්මිය, අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සේන සිරිමාන්න , ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි, නාගරික මන්ත්‍රී ජගත් පතිරණ, මාකුඹුර දකුණ කෘෂි පර්යේෂණ නිලධාරී රවීන්ද්‍ර කරුණාරත්න, ග්‍රාම නිලධාරී ඉරේෂා මලවිආරච්චි, සංවර්ධන නිලධාරි චන්දිමා බඹරැන්ද, මාකුඹුර උතුර ග්‍රාම නිලධාරී වර්ණසිරි යන මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන්..ගොවි සංවිධානයේ සභාපති ලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලය සහ ගම්වාසී ජනතාවගේ සහභාගිත්වයෙන් 2021-07-17 දින මාකුඹුරේදී පැවැත්විනි

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 498 - මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ විදෙස්ගත ප්‍රදේශවාසී මහත්මියකගේ අනුග්‍රාහකත්වයෙන් ආර්ථික අපහසුතා ඇති පවුල් කුඩා දරුවන් සිටින පවුල් 10 ක් සඳහා වියළි ආහාර පාර්සල් 2021-07-17 දින ලබා දීම

News & Events

Scroll To Top