
පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමිව 498- මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පොල් පැළ ලබා දීමේ වැඩසටහන මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-07-10 වන දින පවත්වන ලදි. මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.
තවත් කියවන්න: පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන- 498- මාලපල්ල නැගෙනහිර

2021 ජූලි මස 6 වෙනි දින, කාබනික පොහොර ඒකකයක් නිපදවීමේ වැඩසටහන මහරගම නගර කලාපයේ වත්තෙගෙදර වසමේ වාසනා චම්පිකා මහත්මියගේ ගෙවත්තේ දී පැවැත්විය. ව්‍යාපෘති කළමනාකරු සමීර අනුරංග මහතා, කලාප කළමනාකරු රන්ජිකා මෙනවිය, සමුර්දි නිලධාරී ලලනි රම්‍යලතා මහත්මිය, කලාප සහකාර තේජා මහත්මිය, කෘෂි නිලධාරී නාලක මහතා හා කලාපය නියෝජනය කරමින් ප්‍රතිලාභීන් සහභාගී විය.සම්පත් දායකත්වය මහරගම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශිකා ආත්මා මහත්මිය විසින් සිදු කරන ලදී
තවත් කියවන්න: සෞභාග්‍යයා සමෘද්ධි සතිය 2021 -කාබනික පොහොර ඒකකයක් නිපදවීමේ වැඩසටහන-වත්තෙගෙදර වසම

සමාජ සත්කාරයක් වශයෙන් මහරගම යෞවන සමාජ සම්මේලනය විසින් නාවින්න අයුර්වේද රෝහලේ ස්තාපිත කොරෝනා අසාදිත නේවාසික රෝගින් වෙනුවෙන් පිටි කිරි පැකට් 40ක් 2021-07-05 දින මහරගම තරුණ සේවා නිලධාරී පියුම් අතුරුගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදී
තවත් කියවන්න: නාවින්න ආයුර්වේද රෝහලට කිරිපිටි ප්‍රධානය කිරීම

කාබනික පොහොර ඒකකයක් නිපදවීමේ වැඩසටහන මහරගම උතුර කලාපයේ කලල්ගොඩ වසමේ කේ සුමනාවතී මහත්මිය ගේ නිවසේ දී 2021-07-05 දින පැවැත්විය. ව්‍යාපෘති කළමනාකරු සමීර අනුරංග මහතා කලාප කළමනාකරු ජගත් කුලරත්න මහතා සමුර්ධි නිලධාරී අනෝමා මහත්මිය හා කලාපය නියෝජනය කරමින් ප්‍රතිලාභීන් සහභාගි විය. සම්පත් දායකත්වය මහරගම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශිකා කිත්මිනි මහත්මිය විසින් සිදු කරන ලදී
තවත් කියවන්න: සෞභාග්‍යා සමෘද්ධි සතිය 2021-කාබනික පොහොර ඒකකයක් නිපදවීමේ වැඩසටහන

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021 ගොඩිගමුව- මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.07.03 දින පැවැත්විණි. ඒ සදහා , කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා ,මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.
තවත් කියවන්න: සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021 ගොඩිගමුව
















