
පොල් පැළ ලක්ෂ 40ක් බෙදා දීමේ වැඩසටහනට යටතේ පමුණුව වසමෙහි ප්‍රතිලාභීන් හට මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021/07/17 දින පමුණුව සිරිල් පෙරේරා ග්‍රාම සංවර්ධන සමිති ශාලාවෙදී සංකේතාත්මක වශයෙන් පවුල් 15ක් සඳහා පොල් පැළ සහ කහ පැළ ලබා දීම.මේ සදහා රාජ්‍ය නිලධාරින් හා දේශපාලන නියෝජිතයින් සහභාගී වන ලදී.
තවත් කියවන්න: පොල් පැළ ලක්ෂ 40ක් බෙදා දීමේ වැඩසටහන- පමුණුව වසම

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමාවිය ගුරුවරුන් සදහා මානසික සුවපත් දිවියක් උදෙසා මානසික ලිහිලනය මාතෘකාව යටතේ Zoom තාක්ෂනය ඔස්සේ උපදේශන වැඩසටහනක් උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත්දායකයකත්වය ලබා දෙමින් 2021-07-16 දින පවත්වන ලදී.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී දිලේකා අබේනායක මහත්මිය විසිනි.
තවත් කියවන්න: මුල් ළමාවිය ගුරුවරුන් සදහා Zoom තාක්ෂනය ඔස්සේ උපදේශන වැඩසටහනක්

සංවර්ධන නිලධාරීන් සදහා රැස්වීමක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඉනෝකා විජේගුණවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021-07-12 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා මහරගම විදාතා මධ්‍යස්ථානයේ නිලධාරී ඇතුළු සංවර්ධන නිලධාරින් සහභාගී වන ලදී.

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඉනෝකා විජේගුණවර්ධන මැතිතුමියගේ ස්ථාන මාරුවීම උදෙසා පැවැත්වූ සමුගැනීමේ උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සංවිධානත්වයෙන් 2021-07-14 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: සමුගැනීමේ උත්සවය- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඉනෝකා විජේගුණවර්ධන මැතිතුමිය

498- මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 2021/07/09 දින ඇතිවූ සුළඟින් ආපදාවට ලක් වූ නිවස ප්‍රාදේශීය ලේකම්තුම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය විසින් නිරීක්ෂණය කරන ලදි
තවත් කියවන්න: මාලපල්ල නැගෙනහිර ආපදාවට ලක් වූ නිවස ප්‍රාදේශීය ලේකම්තුම් විසින් නිරීක්ෂණය
















