
මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියලුම කාර්ය මණ්ඩලය, කිරි උතුරුවා, එක් ප්‍රතිඥාවක් පෙරදැරිව 2022 ජනවාරි 3වන දින රාජකාරි ආරම්භ කරන ලදී. මෙහිදී පිරිත් සජ්ජායනාවක්ද පවත්වන ලදී. මෙදින නිලධාරී ඇගයීම සිදු කොට සහතික ප්‍රදානය කිරීමක් ද සිදුවිය.
























