
ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් එස් කේ ජයසුන්දර මැතිණියගේ අධීක්ෂණය මත සතුට පිරුණු අපේ ලොවක් යන තේමාව යටතේ කාර්යාලයට අනුයුක්ත අහඹු ලෙස තෝරාගත් නිලධාරි කණ්ඩායමක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් කලා ප්‍රතිකාර සහ සතිමත් බව පදනම් කරගත් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් මාලාවේ සිව් වැනිවැඩසටහන 2022-02-24 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙය මාස හතරක් මුළුල්ලේ සිදු කිරීමට නියමිත පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවකි. මේ වැඩසටහන් නිර්මාණය කරන ලද්දේ මනෝවිද්‍යාව උපදේශන නිලධාරීනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.මේ සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය , උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය , සහකාර උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) කල්හාරි වාසනා මහත්මිය විසින් ලබා දෙන ලදී.මෙය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල උපදේශන අංශය විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණශීලී ව්‍යාපෘති වැඩසටහනකි.























