
ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂයේ පළමු කාර්තුව සදහා සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය විමසීමේ විශේෂ ප්‍රගති සමාලෝචනය රැස්වීමක් 2022.03.03 දින කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි .මෙම අවස්ථාව සදහා , කොළඔ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා,මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, මහරගම ගණකාධිකාරී ජනක නයන කුමාර මහතා, තාක්ෂණ නිලධාරීන් ඇතුළු මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී නිලධාරීන් හට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී.






















