පොසොන් බැති ගී සරණිය වැඩසටහන හා පාන් දන්සල 2022/06/15 දින ග්‍රාම නිලධාරී සංගමයේ සංවිධානත්වයෙන් හා ප්‍රාදේශි ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන "නැණ මිණි" කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේදී මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ වැඩසටහන 2022-06-01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආර්ථික අපහසුතා පවතින පවුල් වල දරුවන් 52ක් සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී .

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී G. ජයවීර මහතා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ද, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ සියලුම නිලධාරීන් ද, ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කළ කැපකරු මහත්ම මහත්මීන් ද සහභාගී විය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 493/B තලවතුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ අඩු ආදායම් ලාබී පවුල් වල දරුවන් සදහා පාසල් පොත් 2022-05-28 දින ග්‍රාම නිලධාරීගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.

ඉන්දීය සහනාධාර යටතේ අඩු ආදායම්ලාභී ගැබිනිමව්වරුන් හා වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල් සදහා සහනාධාර බෙදාදීම මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලල්ගොඩ වසමේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත 2022/05/28 දින ග්‍රාම නිලධාරි ,සංවර්ධන නිලධාරි හා සමුර්දි සංවර්ධන නිලධාරිගේ ප්‍රදානත්වයෙන් 493 කලල්ගොඩ ග්‍රාම නිලධාරි කර්‍යාලයේදී 2022/05/28 දින සිදු කරන ලදී.

"අරුණ දකින රටා" චිත්‍ර වැඩසටහන ජිකෝ පෙර පාසල ,දිනනෙත පෙර පාසල හා ලිට්ල් ප්ලවර් පෙර පාසල් වල ළමුන් සදහා පවත්වන ලදී.

ස්ථානය-පරම ධම්ම විහාරය ,පන්නිපිටිය

දිනය-2022-5-26

අධීක්ෂණය -ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිණිය

මෙහෙයවීම -මුල් ළමාවිය සංවර්ධන නිළධාරි නිලූෂනී ආරියරත්න.

News & Events

Scroll To Top