විදාතා කඩමණ්ඩි වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-04-05 දින මහරගම මහජන පොල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 5 හා අප්‍රේල් 06 දෙදින තුල පෙ.ව 10.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම වෙළද ප්‍රදර්ශනය තුලින් ආහාර වර්ග, කැවිලි වර්ග, දේශීය ශාකසාර නිෂ්පාදන, පාවහන්, මල් වර්ග පැල වර්ග, විසිතුරු භාණ්ඩ, අත්කම් නිර්මාණ, ඇඳුම් පැළඳුම් අලෙවි කරනු ලැබේ.

News & Events

Scroll To Top