
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටාව කලාපයේ මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අංක 22/1/2 ගලවිල පාර මාලපල්ල හෝමාගම ලිපිනයේ H. P. T. පුෂ්පකුමාර මහතාගේ නිවස ඉධි කිරීමේ ඉදි කිරීමේ කටයුතු මහරගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මඟ පෙන්වීම මත 2022.07.05 වන දින පැවති සුභ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම නිවස ඉදි කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් රුපියල් හයලක්ෂ පනස්දාහක් (650,000) වෙන් කර තිබේ. මෙම අවස්ථාව සඳහා මහරගම නාගරික මන්ත්‍රී ගරු ජගත් පතිරණ මැතිතුමා මහරගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කළමණාකාරිණී, සමාජ සංවර්ධන නිළධාරී මාලපල්ල වසමේ සමෘද්ධි සංවර්ධන නිළදාරී, මාලපල්ල ග්‍රාම නිළදාරීනී සහ මාලපල්ල බටහිර ප්‍රජාමූල සමිතියේ ගරු සභාපතිතුමියද සහභාගී වූහ.
තවත් කියවන්න: සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන යටතේ සෞභාග්‍යා විශේෂ නිවාස වැඩසටහන 2022.

"හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංගුුාමය 2022 වැඩසටහනට සමගාමීව 528 පමුණුව වසමේ 2022.07.02 දින ගෙවතු වගා වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරී ජීවන්දර මහතා විසින් ගෙවතු වගාව සම්බන්ධයෙන් පුතිලාභීන් දැනුවත් කරන ලදී. තවද බීජ පැකට් ලබා දීමද සිදු කරන ලදී. මේ සදහා වසමේ සියළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.







කොළඹ දිස්ත්‍රික් ල්‍රේකම් කාර්යාලය විසින් දියත් කරන ලද අහරින් සපිරි කොළොම්තොටක් වැඩසටහනට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ මග පෙන්වීම යටතේ මහරගම විදාතා සම්පත් මධ්‍යස්ථානය සංවිධානය කරන ලද ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 2022 ජුනි මස 28 වෙනි දින විද්‍යා හා තාක්ෂණ නිලධාරි අනුෂා ගමගේ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වු අයුරු
තවත් කියවන්න: ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 2022

"සුවපත් දිවියක් සඳහා මග" සය මාසික මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුව
මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහස් සහ මගපෙන්වීම මත
මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ තෙවෙනි වැඩසටහන 2022-06-29 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සම්බන්දී කරණය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලදි. මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සපයන ලදී, උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහාය දෙන ලදී . මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණශීලී වැඩසටහන් යටතේ නිර්මාණය කරන ලද්දකි.
තවත් කියවන්න: මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ තෙවෙනි වැඩසටහන

කොලොම්තොට වගා සංග්‍රාමය "අහරින් සපිරි කොළොම්තොටක් 2022"
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගති සමාලෝචන රැස්වීම .
======================?=================?
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී
ඇතිවිය හැකි ආහාර අර්බුදය
කළමනාකරණය කිරීම සදහා කොළඹ දිස්ත්‍රික්
ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් වගා වැඩසටහනට සමගාමීව
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ
, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K.ජයසුන්දර මහත්මියගේ හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ ආරම්භ කරන ලද වගා වැඩසටහන්
පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම කාර්‍යාලයීය
ශ්‍රවනාගාරයේ දී 2022.06.24 දින සිදු කෙරුණි.
මෙහිදී කොට්ඨාසයේ පාසල්,
පෙරපාසල්, රජයේ හා වතු ඉඩම්, විහාරස්ථාන
ඇතුළු වෙනත් ආගමික ස්ථාන, රාජ්‍ය ආයතනය හා
ගෙවතු වල වගා කටයුතු, පුරන් කුඹුරු පිළිබඳව සහ ඒවායේ
ප්‍රගතිය පිලිබදව සාකච්ඡා කරන ලදී. වගා බිම්
අස්වද්දමින්, නිරන්තර එම වගා බිම්වල කටයුතු
පසුවිපරම් කරන්නටත් උපදෙස් ලබා දුනි.මෙහිදී දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති තුමා විසින් ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත බීජ පැකට් ප්‍රධානය කිරීමක් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන
අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මැතිතුමා, දිස්ත්‍රික්
කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්. නාගහවත්ත
මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,ක්ෂෙත්‍ර නිළධාරින්,
වෙනත් ආයතන නිළධාරින් සහ කාර්යාලයේ
නිලධාරින් සහභාගි විය.
තවත් කියවන්න: "කොලොම්තොට වගා සංග්‍රාමය "අහරින් සපිරි කොළොම්තොටක් 2022"
















