
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.ඒ.ඩී. ප්‍රියදර්ශනී මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-07-18 දින සිදු කරන ලදී.

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නිමල් දයාරත්න මහතාගේ ස්ථාන මාරුවීම උදෙසා පැවැත්වූ සමුගැනීමේ උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සංවිධානත්වයෙන් 2022-07-15 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: සමුගැනීමේ උත්සවය - නිමල් දයාරත්න(සහකාර අධ්‍යක්ෂ සැලසුම්)

කොළඹ මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අහරින් සපිරි කොළොන් තොටක් - කොළොන් තොට වගා සංග්‍රාම වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන වල ගෙවතු වගා නිරීක්ෂණය කොළඹ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් 2022.07.08 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී සිදුකරන ලදි.
ගනේලන්ද රජමහ විහාරය, මාදිවෙල ඊයම් පොරුව පන්සල, ගෆූර්යා අරාබි මුස්ලිම් පල්ලිය, පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන වල වගාවන් නිරීක්ෂණය, කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදා දීම ද මෙහිදි සිදුවිය.
මෙම ස්ථාන නිරීක්ෂණයන් සදහා කොළඹ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදක/ සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා ද සහභාගී විය.
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතා හා වසම් භාර සංවර්ධන නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් හා අනිකුත් ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මෙම ගෙවතු වගා වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෙවතු වගා ස්ථාන නිරීක්ෂණය

ජාතික ගෙවතු වගා සංග්‍රාමය යටතේ 496, කොට්ටාව දකුණ වසමේ 2022/07/14 දින පැවැත් වූ අතර ගෙවතු වගාවන් හි ගැටලු හා මූලික කරුණු පිලිබදව ප්‍රතිලාභී වෙත උපදෙස් ලබාදීම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි කුමුදු මිය විසින් සිදු කරන ලදී. පසු ව එළවළු බීජ පැකට් ලබාදීම සංවර්ධන නිලධාරී සුවන්දි කස්තුරිආරච්චි මහත්මිය විසින් සිදුකරන ලදි . මේ අවස්ථා ව සදහා කොට්ටාව දකුණ හිටපු සංවර්ධන නිලධාරි සමීරා ඇල්විටිගල මිය සහභාගි වූ අතර මේ සදහා සහයෝගය ද දක්වන ලදී.
තවත් කියවන්න: 496, කොට්ටාව දකුණ වසමේ ජාතික ගෙවතු වගා වැඩසටහන

කොළඹ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් "දිවි සවිය" LOLC සමාගමේ දායකත්වයෙන් මිරිහාන දකුණ වසමේ බඩු මලු 750ක් ප්‍රජාව අතර බෙදාදීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2022-07-08 දින මිරිහාන දකුණ විවේකාරාම විහාරස්ථානයේදි මාණ්ඩලික නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
















