
කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන "නැණ මිණි" කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේදී මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ වැඩසටහන 2022-06-01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආර්ථික අපහසුතා පවතින පවුල් වල දරුවන් 52ක් සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී .
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී G. ජයවීර මහතා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ද, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ සියලුම නිලධාරීන් ද, ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කළ කැපකරු මහත්ම මහත්මීන් ද සහභාගී විය.






















