කොට්ටාව නැගෙනහිර වසමේ ගොවි සමිතිය වෙත ට්‍රැක්ටරයක් ලබාදීම ගරු අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මැතිතුමා, සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී 2022-08-28 දින ලබා දෙන ලදී

පතිරගොඩ වසමේ නාලන්දාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත්ව වදාළ රාජකීය පණ්ඩිත උඩහමුල්ලේ සරණපාල නාහිමිපාණන් වහන්සේගේ සිව්වන ගුණ සමරුම වෙනුවෙන් අරුණළු යෞවන සමාජය, පතිරගොඩ ග්‍රාමසංවර්ධන සමිතියේ සහයෝගයෙන් පතිරගොඩ ප්‍රජා පොලිස් කමිටුව සංවිධානය කළ ලේ දන් දීමේ පිංකම නාලන්දාරාම විහාරස්ථානයේ 2022-08-27 දින පවත්වන ලදී.

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ දරුවන්ට ප්ලාස්ටික් භාවිතය පසුභාවිතය හා recycle කිරීම පිලිබඳව වැඩසටහනක් එම පාසලේ ශ්‍රවණාගාරයේදී 2022.08.24 දින පවත්වන ලදි.

අරමුණ - ප්ලාස්ටික් භාවිතය සහ ඉවත දමන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන පරිදි කලමනාකරණය කිරීම පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම.

මෙහෙයවීම - John keells PVT Ltd, Eco Spindles PVT Ltd, Elephant House.යන ආයතන තුනේ නිලධාරීන්

සම්බන්ධීකරණ-පරිසර නිලධාරී නාලිකා දිල්රුක්ෂි මෙය.

අධීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය.

සහභාගිත්වය -

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පරිසර නිලධාරී ප්‍රබුද්ධිකා  මෙනවිය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ඵලදායිතා සංවර්ධන නිලධාරි තුෂාරි මහත්මිය,අපනයන සංවර්ධන නිලධාරි තාරක ෆර්නෑන්ඩු   මහත්මිය,ආපදා සංවර්ධන නිලධාරි අමාලි  මහත්මිය.

මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහස් සහ මගපෙන්වීම මත

මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ සිව්වෙනි වැඩසටහන 2022-08-24 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සම්බන්දී කරණය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලදි. මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සපයන ලදී, මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණශීලී වැඩසටහන් යටතේ නිර්මාණය කරන ලද්දකි.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 41 ගෙවතු වගා නිරීක්ෂණ කටයුතු, ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,හා සහකාර අධ්‍යක්ෂකතුමිය විසින් 2022.08.04 දින සිට 2022-08-18 දක්වා සිදුකරන ලදි. වටිනා අදහස්,උපදෙස් ලබාදෙමින් ගෙවතුලාභීන් දිරිමත් කිරීම සිදු කරන ලදී

News & Events

Scroll To Top