ගමට ගෙයක් වැඩසටහනේ ආරම්භක උත්සවය 2020 පෙබරවාරි 1 වන දින සුභ නැකතින් තලවතුගොඩ බටහිර වසමේ නිවසක් තැනීමට මුල්ගල තබා මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

2020 ජනවාරි 1වන දින රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිඥාව ලබා දීමෙන් පසු පිරිත් සාජ්ජායනාවකින් අනතුරුව සංග්‍රහයක් පවත්වා ප්‍රාදේශීය ලේකම් තුමියගේ අවුරුදු සුභ පැතුමෙන් පසු නව වසරේ වැඩ අරඹන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ග්‍රාම නිලධාරී සංගමයේ අභිමානවත් 25 වන රිදී ජුබිලි සැමරුම දෙසැම්බර් 24 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

සපිරි ගමක් වැඩසටහන පිළිබද දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් 24 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

ජීවිත අභිප්‍රේරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන දෙසැම්බර් 18 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top