මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමී ව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මාර්ගගත වැඩසටහන 2021-07-02 වන දින zoom තාක්ෂනය ඔස්සේ පවත්වන ලදී.

නේත්‍රා මාලගොඩ උපදේශන නිලධාරී සමාජ සේවා අමාත්‍යාංශය ,ආර්.එම්.එස්.සෙනෙවිරත්න මිය ප්‍රජා විශෝධන නිලධාරි ප්‍රජා පාදක විශෝධන දෙපාර්තුමේන්තුව ,කල්හාරි රාජපක්ෂ මිය සහකාර උපදේශන නිලධාරි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි 29 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.

පොසොන් පොහොයට සමගාමීව පවත්වනු ලැබූ ඩිජිටල් පොසොන් සුබපැතුම්පත් තරඟාවලියේ එක් එක් කාණ්ඩ යටතේ ලැබූ තරඟ ප්‍රතිඵල මෙසේ සතුටින් නිකුත් කරන්නේමු.

තරග විනිශ්චය කර ලැබුවේ කොළඹ D.S. සේනානායක විදුහලේ චිත්‍ර විෂය භාර ආචාර්ය දේදුනු මහත්මිය විසිනි.

තරගාවලියේ ජයග්‍රහණය සිදු කළ සියලුම නිර්මාණ ඇතුළත් පොසොන් සුභ පැතුම් පතක් කොළඹ දිසාපතිතුමා වෙත මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් Email තාක්ෂණය ඔස්සේ යවන ලදී.

ඉදිරියේ දී ජයග්‍රහණය කළ හපනුන්ට මෙන්ම සහභාගිත්වය ඇගයීම වශයෙන් එම සිත්තරුන්ට ද සහතික පතක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ අත්සන යටතේ ලබා දීමට අපේක්ෂා කරමි.

මග පෙන්වීම හා උපදෙස් :

     ප්‍රාදේශීය ලේකම් මහරගම සහ සහකාර ප්‍රාදේශීය ලේකම් මහරගම

සංකල්පය හා සංවිධානය :

     නේත්‍රා මාලගොඩ

     මනෝවිද්‍යා උපදේශන නිලධාරි

උඩහමුල්ල බටහිර ග්‍රාම නිලධාරි වසමේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මුහුණු ආවරණ ග්‍රාම නිලධාරීන් හට බෙදා දීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා අනිකුත් මාණ්ඩලික නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2021-06-28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් Zoom තාක්ෂණය ඔස්සේ බැති ගී ගායන වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021/06/23 දින පවත්වන ලදී.

News & Events

Scroll To Top