
මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහස් සහ මගපෙන්වීම මත
මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ සිව්වෙනි වැඩසටහන 2022-08-24 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සම්බන්දී කරණය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලදි. මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සපයන ලදී, මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණශීලී වැඩසටහන් යටතේ නිර්මාණය කරන ලද්දකි.



















