
ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහරගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.08.19 වන දින මහරගම පමුණුව moon light resort ස්ථානය, ස්ථාපනය කිරීමේ ගැටලුව සම්බන්ධව මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලද අනු කමිටු රැස්වීම. ඒ සඳහා උඩරට අමරපුර නිකායේ මහානායක මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති සද්ධර්මවාගීෂ්වර ශාස්ත්‍ර විශාරද පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහරගම නගර සභාව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව,මහරගම පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.


ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-07-23 මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්රාදේශීය ලේකම් රංජිකා හිමාලි කරුණාරත්න මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.






ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගත් නවක නිලධාරින්ගේ පළමු කණ්ඩායමේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය 11 ,ජුලි ,2025 වන දින ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදි සිදුවිණ.එයට ගණකාධිකාරිතුමන්,පරිපාලන ග්‍රාම නිලධාරිතුමන් ,පරිපාලන නිලධාරිතුමන් හා SLIDA ආයතනයේ නියොජිත මහතුන් එයට සහභාගි විය.




2025-07-03 දින ක්ලින් ශ්‍රිලංකා වැඩසටහන හා ඩෙංගු මර්දන වැඩසටහන් වලට සමගාමීව මහරගම ප්‍රාදේශිය ලේකම්තුම්යගේ උපදෙස් පරිදි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ භූම්ය ශුද්ධපව්ත්‍ර කරනලදී.
ඒ සදහා ප්‍රාදේශිය ලේකම්තුම්ය, සැලසුම් අධ්‍යක්ෂකතුම්ය සහ පරිපාලන ග්‍රාම නිලධාරිතුමා ද සහභාගිවිය. සියලුම අංශ සහභාගිවු අතර එනම් පාලන අංශය, ගිණුම් අංශය, සැලසුම් අංශය, ව්ශ්‍රාම අංශය, රෙජිස්ටාර් අඃශය, ඉඩම් අංශය, හැදුනුම්පත් අංශය, සමෘද්ධිඅංශය, සියලුම ක්ෂේත්‍ර නිලධාරින්, බෞද්ධ කටයුතු අංශය සමග රියදුුරු මහත්වරු ද
ප්‍රජාව්ශෝධන ආඥාලාභින්ද සහභාගිවී සාර්ථකව වැඩ සටහන නිමකරන ලදී.
තවත් කියවන්න: ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය (2025-07-03)
















