කලාකරුවන්ට උපහාර පිදීම
බස්නාහිර පලාත් සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකල විශ්වාභිමානි සම්මාන ප්‍රධානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2019-11-05 දින ප්‍රධානය කරන ලදී. එහිදී මහරගම කොට්ටාසයේ කලාකරුවන් 5ක් මෙම සම්මානයෙන් පිදුම් ලැබුහ. එම කලාකරුවන්ට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2019-11-20 වන දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි උපහාර පිදීමක් පසුගියදා සිදුවිය. එම කලාකරුවන්ගේ නම් පහත පරිදි වේ.
*ජගත් මුතුකුමාරණ මහතා
*අනුර දහනායක මහතා
*සිනෙත් බැද්දගේ මහතා
*ශීලා පරනමාන්න මිය
*වගීෂ බණ්ඩාර මහතා
හොරණ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඵලදායිතා ක්ෂේත්‍ර චාරිකාවක් සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2019 ඔක්තෝබර් 29 දින පැමිණියහ.
තවත් කියවන්න: මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඵලදායිතා ක්ෂේත්‍ර චාරිකාව
GELP ONLINE ඉගෙනුම් ක්‍රියාවලිය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019/08/21 වන දින ප්‍ර.ලේ කාර්යාල නිලධාරීන්ට සිදු කරන ලදී.
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාහිත්‍ය කලා මහෝත්සවය 2019 සැප්තැම්බර් මස 16 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී.
ධන අභිමානී ණය යෝජනා ක්‍රම වැඩසටහන 2019 අගෝස්තු 27 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම නගර සමෘද්ධි බැංකුවේ පවත්වන ලදී.





















