
24/05/08 දින පෙර පාසල් ගුරුවරුන් සදහා පවත්වන විශේෂ සය මාසික උපදේශන පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී .මේ සදහා සම්පත් දායකත්වය සැපයූ කථිකාචාර්ය නිමල්සිරි රණසිංහ මහතා ,චන්ද්‍රා ඇතුලත්මුදලි මහතා ,උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මිය මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකරණ නිලධාරී නයනා අතුකෝරල මිය හා ආරාධිත අමුත්තන් ඇතුලු පිරිසක් සහභාගි විය.මේ සදහා මහරගම /හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පෙර පාසල් ගුරුවරුන් 23 දෙනෙක් සම්බන්ධ විය .මේ සදහා සම්බන්ධීකරණය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිලුශනී ආරියරත්න මිය විසින් සපයන ලදී
.


























