සමෘද්ධි වැඩසටහන්
- සමෘද්ධි සහනාධාර සදහා මුදල් ලබා ගැනීමට තොරතුරු සැපයීම
- සමෘද්ධි මුද්දර ආශ්‍රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි රක්ෂණය ආශ්‍රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි ලොතරැයිය ආශ්‍රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි ව්‍යපෘති ආශ්‍රිත සහ-පරිපාලන කටයුතු
සමෘද්ධි මුද්දර ආශ්‍රිත උපදෙස්
සමෘද්ධි දීමනා මාරු කිරීම
සමෘද්ධිලාභියෙකු පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනස් කොට වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ස්ථිරපදිංචියට යෑමේදී සමෘද්ධි දීමනාවද නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත මාරු කරවා ගත යුතුය.
ඒ සඳහා අවශ්‍ය ලේඛණ :-
- සමෘද්ධි දීමනාව මාරු කර දෙන ලෙස ඉල්ලා සමෘද්ධිලාභියා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය
- අවසන් වරට සමෘද්ධි දීමනාව ලබා ගත් වසමේ සමෘද්ධි නිලධාරියා විසින් සමෘද්ධි දීමනාව මාරු කිරීම සම්බන්ධව සහතික කොට අදාල කලාප කළමනාකරු විසින් නිර්දේශ කරන ලද ලිපිය.
- සමාජ ආරක්ෂණ අරමුදල් සාමාජික අයදුම් පත්‍රය.
- 2015 අඩු ආදායම් ලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ පත්‍රය
- අළුතින් පදිංචි වසමේ ස්ථිර පදිංචිය සනාථ කිරීම සඳහා ලේඛණ (ග්‍රාම නිලධාරී සහතිකය)
- දැනට පදිංචි වසමේ දිවිනැගුම සංවර්ධන නිලධාරී විසින් නිකුත් කරන ලද ලිපිය.(අනිවාර්ය නොවේ)
ඉහත ලේඛණ පදිංචිව සිටි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා මගින් එම වසම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු අතර එම ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කල යුතුය.
සමෘද්ධිලාභියෙකු මිය යාම
සමෘද්ධිලාභියෙකු මිය ගොස් ඇත්නම් ඒ බව අදාල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා වෙත දැනුම්දිය යුතුය.
සමෘද්ධි බැංකු ගිණුම පවතිනුයේ මිය ගිය අය නමින් නම් එයද සංශෝධනය කරවා ගත යුතුය.
සමෘද්ධිලාභී පවුලක ආදායම ඉහල යාම
සමෘද්ධි ව්‍යාපාරය යනු අඩු ආදායම්ලාභී පවුල් නගාසිටුවීමේ ව්‍යාපෘතියක් වන අතර සමෘද්ධිලාභී පවුලක සාමාජිකයෙකු හට රජයේ රැකියාවක් ලැබීම, විදේශ රැකියාවකට යාම, ව්‍යාපාර දියුණු තත්වයට පත් වීම හෝ වෙනත් හේතුවකින් ආදායම ඉහල තත්වයකට පත් වුවහොත් ඒ පිළිබව අදාල වසමේ සමෘද්ධි නිලධාරියා දැනුවත් කොට සමෘද්ධි දීමනාව කැමැත්තෙන් භාර දීම හෝ අත්හිටුවීම කල හැක.
















