මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධ්‍යාපනය පිළිබඳ සලකා බලන විට යහපත් තත්ත්වයක් පවතින බැව් කිව හැකිය.

පෙර පාසල් අධ්‍යාපනය

මෙම කොට්ඨාසය තුළ ක්‍රියාත්මක පෙර පාසල් සංඛ්‍යාව 132කි.

පාසල් අධ්‍යාපනය

කොට්ඨාසය තුළ රජයේ පාසල් 24ක් ඇත. මේවායේ අධ්‍යාපනය මෙහිලා වැදගත් වේ.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටළු

  • කොළඹ නගරයට ආසන්නව පිහිටීම නිසා ශිෂ්‍යත්ව විභාගයෙන් හා සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්වන සියලුම සිසුන් කොළඹ පාසල් වලට අස් වී යාම
  • කොළඹ පාසල්වලට යාමට නොහැකි වූ අනෙකුත් දක්ෂ සිසුන් කොට්ඨාසයේ ඇති පාසල් කිහිපයකට ඇතුලත් වීම
  • ශිෂ්‍යත්වය සමත් විම අරමුණු කොට ගෙන 1 වසරට ඇතුලත් වීම සඳහා පාසල් කිහිපයකට පමණක් පවතින තියුණු තරඟය නිසා කොට්ඨාසයේ ඇතැම් පාසල්වලට ඇතුලත් වන සිසුන් සංඛ්‍යාව අඩු වීම

වගුව : මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාසල්වල තොරතුරු

අනු අංකය

ග්‍රාම නිලධාරි වසම

පාසලේ නම

පාසලේ වර්ගය

ලිපිනය

1

493/ඒ තලවතුගොඩ බටහිර

අග්‍රාමාත්‍ය විද්‍යාලය

3

තලවතුගොඩ, පන්නිපිටිය.

2

496/ඒකොට්ටාව නැගෙනහිර

බප/ජය විද්‍යාදාන විද්‍යාලය

2

කොට්ටාව, පන්නිපිටිය.

3

496/බී කොට්ටාව නගරය

බප/ජය ධර්මපාල මහා විද්‍යාලය, පන්නිපිටිය

1AB ජාතික

පන්නිපිටිය

4

බප/ ජය ධර්මපාල මහා විද්‍යාලය, කොට්ටාව

1AB

හොරණ පාර, කොට්ටාව

5

බප/ ජය ආනන්ද මහා විද්‍යාලය, කොට්ටාව

1C

කොට්ටාව, පන්නිපිටිය.

6

496/සී කොට්ටාව උතුර

බප/ජය කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය

2

හෝකන්දර පාර, පන්නිපිටිය

7

497 රුක්මලේ බටහිර

බප/ජය රුක්මලේ මහා විද්‍යාලය

2

රුක්මලේ, පන්නිපිටිය

8

498 /බී මාලපල්ල බටහිර

බප/ජය විජයඝෝෂ විද්‍යාලය, මාලපල්ල

3

මාලපල්ල, පන්නිපිටිය.

9

524 මාදිවෙල

ශ්‍රී රාහුල විද්‍යාලය

2

මාදිවෙල, කෝට්ටේ

10

525 තලපත්පිටිය

උඩහමුල්ල සිද්ධාර්ථ විද්‍යාලය

2

තලපත්පිටිය, නුගේගොඩ.

11

525/ඒ උඩහමුල්ල නැගෙනහිර

ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලය

3

ශාලාව පාර, මිරිහාන, නුගේගොඩ.

12

526/බී ගංගොඩවිලදකුණ

සමුද්‍රදේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලය

 

ගංගොඩවිල, නුගේගොඩ.

13

526/සී විජේරාම

ජනාධිපති ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය (මහරගම ජනාධිපති විද්‍යාලයට ඒකාබද්ධ කර ඇත.)

 

විජේරාම

14

526/ඩී ජම්බුගස්මුල්ල

මහාමායා බාලිකා විද්‍යාලය

1C

ජම්බුගස්මුල්ල, නුගේගොඩ.

15

527 /සී මහරගම බටහිර

බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලය

3

මහරගම

16

බුවනෙකබා මහා විද්‍යාලය

1C

මහරගම

17

528 පමුණුව

පමුණුව කණිෂ්ඨ විද්‍යාලය

2

පමුණුව පාර, මහරගම

18

ගෆුරියා අරාබි විදුහල

 

මහරගම

19

528/ඒදඹහේන

මහරගම බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය

2

පන්සල පාර, මහරගම

20

529/ඒ දෙපානම

දෙපානම ධර්මපාල කණිෂ්ඨ විද්‍යාලය

2

පන්නිපිටිය

21

530 මහරගම නගරය

ජනාධිපති විද්‍යාලය

1AB

මහරගම

22

මධ්‍ය මහා විද්‍යාලය

1C

මහරගම

23

ධර්මාශෝක කණිෂ්ඨ විද්‍යාලය

3

මහරගම

24

532 ගොඩිගමුව උතුර

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලය

2

අඹගහපුර, බොරලැස්ගමුව.

25

532/සී වත්තේගෙදර

විද්‍යාකර බාලිකා විද්‍යාලය

1AB

මහරගම

මූලාශ්‍රය : කොට්ඨාශ  අධ්‍යාපන කාර්යාලය හා සංවර්ධන නිලධාරි තොරතුරු ඇසුරෙනි.

උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපන ආයතන

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,ගංගොඩවිල,නුගේගොඩ
  • ජාතික අධ්‍යාපන ආයතනය
  • මහරගම ගුරු විද්‍යාලය

වෙනත් විවිධ පුහුණු ආයතන

  • ජාතික තරුණ සේවා සභාව
  • විදාතා සම්පත් මධ්‍යස්ථානය, මහරගම
  • වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පවත්නා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන - මහරගම, තලවතුගොඩ
  • ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ පවත්නා ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය, ඇල්හේන පාර, මහරගම.
  • ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය - කටුකුරුන්ද
  • නැණසල මධ්‍යස්ථානය - උඩහමුල්ල

(උපුටා ගැනීම සම්පත් පැතිකඩ 2015)

 

News & Events

Scroll To Top