විමධ්‍යගත, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන , සුඛිත පුරවර වැඩසටහන හා පළාත් සභා වැඩසටහන යටතේ විවිධ මුදල් මූලාශ්‍ර ඇසුරින් මුදල් වෙන් කරමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කෙරෙන සියලු සංවර්ධන කටයුතු සිදු කිරීම මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යයක්වේ. ඊට අමතරව කොට්ඨාසය තුළ කෙරෙන සියලු සංවර්ධන කටයුතුවල ප්‍රධානතම සම්බන්ධීකරණ ඒකකය ලෙස ද කටයුතු කරයි. මෙම කාර්යාලයේ සැලසුම් අංශය මගින් 2017 වර්ෂයේදී විමධ්‍යගත, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, සුඛිත පුරවර වැඩසටහන, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන - මිලියන 20, ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන, සිහිලැල් දැහැන, මුස්ලිම් පල්ලි හා මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථාන වැඩි දියුණුකිරීම සංවර්ධන වැඩසටහන, පළාත් සභා වැඩසටහන හා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඊට අමතරව පෝෂණය සම්බන්ධ වැඩසටහන්ද ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය වැඩසටහනද ක්‍රියාත්මක කරන ලදී.

 

විමධ්‍යගත අයවැය වැඩසටහන මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ නියෝජනය වන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන යොදවා අපේක්ෂිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මූලික කර්තව්‍ය ‍වේ.

 

දත්ත එක් රැස් කිරීම,සකස් කිරීම හා එම තොරතුරු ලබා දීමද මෙම අංශය මගින් සිදුවේ. මෙහි දී එක්රැස් කරන දත්ත හා තොරතුරු ආශ්‍රයෙන් සම්පත් පැතිකඩ සකස් කිරීම හා මෙහෙයුම් මැදිරිය සකස් කිරීම සිදු කෙරේ. සම්පත් පැතිකඩෙහි අඩංගු එම තොරතුරු ආර්ථික,සමාජීය හා සංස්කෘතික සංවර්ධනයක් ගොඩනැගීමටත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන සැලසුම් සඳහා පදනමක් සැපයීමටත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා උපාධි අපේක්ෂකයින්ට පැවරුම්වලට අදාළ මූලික දත්ත ලබා දීමටත්,පෞද්ගලික ආයතනවලට විවිධ කාර්යයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමටත්, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් සකස් කිරීමේ දී ගරු මන්ත්‍රීවරුන්ට මූලික අත්වැලක් සැපයීමටත් මහඟු පිටුවහලක් වේ. එමෙන්ම මෙම කොට්ඨාසයේ ඇති මූලික සම්පත් හා තොරතුරු වල මූලික සම්පිණ්ඩනය මෙහෙයුම් මැදිරිය තුළින් ඉදිරිපත් කෙරේ.

 

මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුකමිටුවක් ලෙස හැඳින්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සැලසුම් අංශය මගින් මෙහෙයවන වැදගත් කාර්යයන් රැසක් ඉටු කරන කමිටුවකි. මෙම කමිටුවේ දී මෙම කොට්ඨාසයට අයත් ව්‍යාපෘතින්හි ප්‍රගතිය ඉදිරිපත් කරන අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු සඳහා පිළියම් යෙදීමත් අපේක්ෂා කෙරේ. මෙම කොට්ඨාසයේ සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පළාත්සභා මන්ත්‍රීවරුන්,මහරගම නගර සභාවේ සභාපති, නාගරික මන්ත්‍රීවරුන් හා විවිධ බලධාරී ආයතනවල නිලධාරීන් හා නියෝජිතයන් මේ සඳහා සහභාගී වේ.

එමෙන්ම මෙම කාර්යාලය මගින් මෙහෙයවන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව මගින් මෙම කොට්ඨාශයේ පවත්නා කෘෂි ගැටළු සඳහා පිළියම් යෙදීමත් අපේක්ෂා කෙරේ.

 

සංවර්ධන ව්‍යාපෘති - 2017 (2017.12.31. දිනට ප්‍රගතිය)

අනු අංකය

වැඩසටහන

මුළු ව්‍යාපෘති සංඛ්‍යාව

වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව

වෙන් කළ මුදල (රුපියල්)

වැය කළ මුදල (රුපියල්)

1

විමධ්‍යගත අයවැය වැඩසටහන

101

99

18,040,000.00

16,412,370.45

2

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන

53

53

20,500,000.00

19,749,905.43

3

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන

3

3

   3,419,223.18

3,226,782.54

4

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන - මිලියන 20

16

15

20,000,000.00

16,474,035.99

5

විශිෂ්ඨතම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය - 2016

1

1

100,000.00

98,658.00

6

ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන

11

11

5,700,000.00

5,646,053.43

7

සිහිලැල් දැහැන

2

2

4,000,000.00

3,944,792.72

8

සුඛිත පුරවර වැඩසටහන

23

23

10,169,698.94

   9,445,658.12

9

Cricket Pitch (Side Wickets)

2

 

1,200,000.00

-

10

ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම

1

1

500,000.00

499,974.40

11

මුස්ලිම් පල්ලි හා මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථාන වැඩි දියුණුකිරීම සංවර්ධන වැඩසටහන

1

1

       150,000.00

     149,180.00

12

සුඛිත පුරවර වැඩසටහන 2 අදියර යෝජනා

20

17

16,450,000.00

6,988,854.65

13

පෝෂණ වැඩසටහන

19

19

153,000.00

153,000.00

14

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය

4

4

760,000.00

759,779.71

 

 එකතුව

257

249

101,141,922.12

83,549,045.44

 මූලාශ්‍රය : සැලසුම් අංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහරගම

News & Events

Scroll To Top