571281592 814348697862697 7302406089513574024 n

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල "අමෘෂා ප්‍රණාම "ප්‍රාදේශීය සාහිත්යය කලා මහෝත්සවය 2025 .10.15 දින පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි.
මහරගම ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මැතිණියගේ උපදෙස් හා මග පෙන්වීම මත සංස්කෘතික නිළධාරි ප්‍රසානි ජයසේකර මහත්මිය විසින් උත්සවය සංවිධානය කල අතර කොට්ටාශයේ ප්‍රවීන කලාකරුවන් වන ලූශන් බුලත්සිංහල ,ඉන්ද්‍රානි බෝගොඩ ,නාමල් ප්‍රනාන්දු යන කලා ශිල්පීන් සදහා උපහාර පිදීමක්ද සිදුකෙරුනි.
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ කේ,එස්,දිල්හානි මැතිණිය ,අතිරේක දිස්ත්රික් ලේකම් තුමියන් දෙපල ඇතුලු සම්භාවනීය ආරාධිතයන් රාශියකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.

 

569023597 814349281195972 8773052768690268090 n 570327368 814348637862703 3762490627801452798 n 568373785 814348817862685 8213041436276430200 n

News & Events

Scroll To Top