
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහරගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්පාලන හා පළාත් සභා ගරු කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.04.18 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා දේශපාලන නියෝජිතයින්, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, මහරගම නගර සභාව ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රජයේ නිලධාරීන්. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්යාලයීය නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා සහභාගි වන ලදී.




















