
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහරගම නගර කලාපයේ 527A පතිරගොඩ සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සමෘද්ධි මිහිරි කැකුළු ළමා සමාජයේ" අවුරුදු සිරිත් "පිළිබඳව පැවැත්වූ වැඩසටහන
2024.04.09 මෙම අවස්ථාවේ ආගමික වතාවත් සිදුකරන ලද්දේ නාලන්දාරාම විහාරස්ථානයේ නාරද ස්වාමීන් වහන්සේ විසිනි.
එම අවස්ථාවට මහරගම බැංකු සමිති කළමනාකරු රමණි පෙරේරා මහත්මිය, මහරගම නගර සමෘද්ධි කළමනාකරු රංජිකා වයලට් මෙනවිය,ග්‍රාම නිලධාරී සුදීර මහතා,ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති නියෝජිතවරුන් හා ප්‍රජා මූල සංවිධානයේ සාමාජික පිරිස සහභාගී වන ලදී.
අවුරුදු උදාව පුණ්‍ය කාලයේ ආරම්භ වීමේ සිට සියලු අවුරුදු චාරිත්‍ර ඇතුළු කොට දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා විවිධ නර්තනාංග ඉදිරිපත් කරන ලදී.
මෙහි දැනුවත් කිරීමේ කටයුතු සහ නිවේදන කටයුතු සඳුනි දියණිය විසින් සපයන ලදී(දැනට දෙරණ නාලිකාවේ නවක නිවේදිකාවක් වන)
මෙම සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රමදායකත්වය ආදරණීය තාත්තලා විසින් සිදු කරනු ලැබීය

























