
5 වසර දරුවන් ගේ ශිෂ්‍යත්ව පෙරහුරුව හා මානසික සංවර්ධනය උදෙසා කරන ලද රසවින්දනාත්මක වැඩ සටහන 2022/11/23 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංධවනි ශාලාවේ දි ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් අනුව මහරගම සමෘද්ධි බැංකු සමිතියේ කලමණාකරු කේ .රමනි පෙරේරා මියගේ මගපෙන්විමෙන් සමාජ සංවර්ධන සහකාර ඉන්දුාණි ජයලතා මිය සියලු ම සමෘද්ධි කලමණාකරු කරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරි න්ගේ සහයෝගයෙන් පවත්වන ලදි. ආයුර්වේද වෛද්‍ය ,ප්‍රවීනදේශක ජී.එල්.පාඩියප්පෙරුම මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදි.මෙම අවස්ථා වට මුලස්ථාන කලමණාකරු ශ්‍යාමා සිරිවර්ධන මිය,ව්‍යාපෘති කලමණාකරු සමිර අනුරංග මහතා ද සහභාගි විය


















