
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රීය කමිටු සංකල්පය යටතේ,පෝෂණ ඌනතාවයෙන් පෙලෙන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ අරමුණින් මහරගම බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ මූලිකත්වයෙන් දියත් කළ " පාසල් දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම" වැඩසටහනේ එක් වැඩසටහනක් 2022.10.19 දින පවත්වන ලදි.
මෙම වැඩසටහන මහ දිසාපති/ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. වැඩසටහන සම්බන්ධීකරණය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ළමා හිමිකම් හා ප්‍රවර්ධන නිලධාරි මහත්මිය හා පමුණුව වසමේ ග්‍රාම නිලධාරී මහින්ද මහතා විසින් සිදුකරන ලදි.
අද දින පෝෂණ වැඩසටහන සදහා මූල්‍යමය දායකත්වය ගෝල්ඩන් ෆ්ලයි අධිපති අතුල මහතා විසින් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට මහරගම බටහිර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා,පතිරගොඩ ග්‍රාමනිලධාරි සුධීර වීරසිරි මහතා,මහරගම නැගෙනහිර සංවර්ධන නිලධාරි චතුර සමරනායක මහතා,මහරගම බටහිර සංවර්ධන නිලධාරිනී සුජීවා ලියනපතිරන මහත්මිය සහභාගි වන ලදි.























